හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු ට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකින් සැකකරුව අත්තඅඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දහයයි මිලිග්‍රෑම් 100ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර, කටාර් සිට පැමිණි ගුවන්යානයකින් අද අලුයම දිවයිනට ළගාවූ පුද්ගලයින් දෙදෙනෙකුගේ ගමන් මළු තුළ තිබී රුපියල් මිලියන 3ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 36 සහ 38 යන වයස්වල පසුවන සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත්, සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්‍ෂ 2ක ඩ මුදලක් නියම කෙරුණු අතර නීතිවිරෝධී දුම්වැටි තොගය රාජසන්තක කිරීමට කටයුතු කර තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top