විපතට පත්වූ ජනතාවට ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමකින් සායනයක්

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ශර්දුල්’ නෞකාවේ  පැමිණි වෛද්‍ය කණ්ඩායම මගින්  ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැළසීමේ කටයුතු වල නිරත වෙමින් සිටී.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්  වෛද්‍ය සායනයක් බුලත්සිංහල දියකඩුව පන්සලේ දී ඊයේ (29) පවත්වන ලදි.

මෙම වෛද්‍ය සායනය සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් වෛද්‍ය නිලධාරියෙක් සහ වෛද්‍ය සහයක නාවිකයින් දෙදෙනෙක් සහභාගි වූහ. ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‍වෛද්‍ය අංශයේ නාවික පුද්ගලයින් කිහිප දෙනෙකුද මෙයට එක්වූහ. මෙම සායනය මගින් එම ප්‍රදේශයේ අවතැන් වූ පුද්ගලයින් 50 කට වැඩි පිරිසකට  වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය. මෙම මහඟු කාර්යය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දෙරටේ නාවික හමුදාවන්ට සිය හෘදයංගම ස්තුතිය පිරිනැමීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top