බැග්ඩෑඩ් නුවර බෝම්බ ප්‍රහාරයකින් 13ක් මරුට

ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බැග්ඩෑඩ් නගරයේ අයිස්ක්‍රීම් වෙළෙදසැලකටයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. සිද්ධියෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම ප්‍රදේශයේ සිටින ශියා මුස්ලිම් පිරිස ඉලක්ක කරගනිමින් IS ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ අය අතර කුඩා දරුවන් පිරිසක්ද සිටිනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top