විමර්ශනයට බියේ විදුහල්පතිවරයකු සියදිවි නසාගනියි

sucide - සියදිවිවිමර්ශනයට බියේ විදුහල්පතිවරයකු සියදිවි නසාගෙන තිබේ. කොස්වත්ත පොලිස් වසමේ -බෝතලේගම පදිංචිව සිටි 51 හැවිරිදි දෙදරු පියෙකු මෙලෙස මියගොස් තිබේ.

මිනුවන්ගොඩ – කොටදෙණියාව ප්‍රදේශයේ පාසලක විදුහප්තිවරයකු ලෙස කටයුතු කරන ඔහුගෙන් විමර්ශන කිරීමක් සඳහා ජාතික ළමා ආරත්ෂණ අධිකාරියේ නිලධාරීන් ඊයේ (12) සවස 2.00 ට පමණ ඔහුගේ නිවසට ගොස් තිබේ.

නිලධාරීන් සමග කතා බහ කරමින් සිට ඇති විදුහල්පතිවරයා එක්වරම තම නිවස පිටුපසට ගොස් වස පානය කර තිබේ. අනතුරුව වහාම ඔහුව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර ඔහු මිය ගොස් ඇත.

ප්‍රදේශයේ පදිංචිකරුවන් කීප දෙනෙකු විසින් විදුහල්පතිවරයාට එරෙහිව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කළ පැමිණිල්ලක් සම්බන්‍ධයෙන් ඔහුගෙන් විමර්ශන කර තිබේ.

– Global Tamil News – Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top