SRILANKAN NEWS

මහින්දට හා ගෝඨාභයට දුන් ගරු උපාධි අවලංගු කරන්න – කොලඹ සරසවියට ලිපියක්

mahindaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කොලඹ විශ්ව විද්‍යාලයෙන් ලබාදී ඇති ගෞරව ආචාර්‍ය උපාධි අවලංගු කරන්නැයි ඉල්ලමින් කොලඹ විශ්ව විද්‍යාලයේ මහජන ප්‍රතිපත්ති හා දේශපාලන අංශයේ හිටපු මහාචාර්යය ලක්සිරි ප්‍රනාන්දු මහතා යොමුකල ලිපියක් අනාවරණවී තිඛෙනවා.

කොලඹ සරසවියේ උපකුලපතිවරයා වෙත මහාචාර්‍යවරයා මෙම ලිපිය යොමුකර ඇත්තේ 2015 වසරේ ඔක්තෝම්බර් 11 වනදායි. මෙම ගෞරව ආචාර්‍ය උපාධි ලබාදීමට යෝජනා කළ පුද්ගලයින් අතර තමන් ප්‍රධාන බවයි මහාචාර්යයවරයා ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ආචාර්ය උපාධිය ලබාදීමෙන් පසු ඔහුගේ හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවූ බවද ලිපියේ දැක්වෙනවා.

උපාධියේ ගරුත්වය කෙලෙසලා

දෙවන ධූර කාලයකට අමතරව 3න් වන ධූර කාලයකට තැත් කිරීමද ආචාර්ය උපාධීයේ ගරුත්වය කෙලෙසීමක් ලෙස එමගින් පෙන්වා දී තිඛෙනවා. එසේම හිටපු ආරක්ෂක ලේකම්වරයාද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අසමත්ව ඇතැයිද එහි සදහන්.

එබැවින් සරසවියට පැවරී ඇති බලතල අනුව මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ආචාර්ය උපාධී අවලංගු කරන ලෙසයි ලක්සිරි ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර ඇත්තේ. 1919 වසරේ අමෙරිකානු සරසවියක් එසේ ගෞරව ආචාර්ය උපාධී යළී අවලංගු කර ඇති බවද උදාහරණ ලෙස සදහන් කර තිඛෙනවා.

මෙම කටයුතු සිදුකිරීමේදී තමන් වෙනුවෙන් වන නියෝජනය අචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් දරනු ඇතැයිද එහි වැඩිදුරටත් සදහන්.

– ලංකා වොයිස් –

– Global Tamil News – Sinhala