SRILANKAN NEWS

විපතට පත්වූවන්ට ජපානයෙන් ආධාර

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ ප්‍රයෝජනය සදහා ජපන් රජය ආධාර තොගයක් ලබා දී තිබෙනවා. එය නිල වශයෙන් භාරදීම ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ දී සිදුවුණා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා මහතා මෙම ආධාර තොගය අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා හා රවී කරුණානායක යන අය වෙත භාරදෙනු ලැබුවා.  කූඩාරම්, විදුලි උත්පාදක යන්ත්‍ර, වතුර ටැංකි ඇතුලු භාණ්ඩ ඊට ඇතුලත්.

ජපාන තානාපති කෙනචි සුගනුමා,

“ ලංකාවේ ආපදා මෙහෙයුම්වලට සහාය වෙන්න ජපානය සූදානම්. ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් අපි සූදානම් කරලයි තියෙන්නේ. හෙට එන ඒ පිරිසට ආපදා කළමනාකරණය ගැන ඉගෙන ගන්න ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයෙකුත් ඇතුලත්. ඔහුට මේ කාර්යයේ දී විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්කම තියෙනවා. “