මයිලිටි ප්‍රදේශය ඉදිරි මාස දෙක තුළ නිදහස් කරනු ලැබේ – මාවයි සේනාදිරාජා

වලිගාමම් උතුර අධි ආරක්‍ෂක කලාපයෙහි පිහිටි මයිලිටි ප්‍රදේශය ඉදිරි මාස දෙක තුළ නිදහස් කරන බව, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා පවසයි.

ඊයේ දින යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති යාපනය සම්බන්‍ධිකාරක කමිටු රැස්වීම අමතමින් මාවයි සේනාදිරාජා මේ බව පවසා තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ හමුදාව සතුව තිබෙන ඉඩම් සම්බන්‍ධයෙන් සහ නිදහස් කළ යුතු ඉඩම් ගැන රජය සමඟ සාකච්ඡා කර ඇති බවත්, ඒ අනුව ඉදිරි මාස දෙක තුළ වලිගාමම් උතුරු ප්‍රදේශයේ හමුදාව යටතේ තිබෙන මයිලිටි ප්‍රදේශය ජනතා වෙනුවෙන් නිදහස් කරනු ඇතැයි විශ්වාාස කරන බව මාවයි සේනාදිරාජා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top