මාතර ප්‍රදේශයේ පාරුවක් පෙරලීමෙන් 3 දෙනෙකු මරුට..

මාතර උනැල්ල දී පාරුවක් පෙරලීමෙන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එක් අයෙකු දිවි බේරා ගැනීමට සමත්වූ බවයි පොලිසිය පවසන්නේ.

උනැල්ල ජයන්ති පාලම අසලදී පාරුව අනතුරට ලක්වන විට එහි සිව් දෙනෙකු ගමන් කරමින් සිටියා. මිය ගොස් ඇත්තේ අත්තුඩාව පදිංචි මවක පුතු හා තවත් පුද්ගලයෙකු බවයි පරික්ෂණවලදී හෙළිවී තිබෙන්නේ.

අනතුර සිදුවීමත් සමග නාවික හමුදාව එම ස්ථානයට පැමිණ සිදුකළ මෙහෙයුම්වලදී මියගිය තිදෙනාගේ සිරුරු සොයා ගත්තා. ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත්තේ තම ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමට යමින් සිටියදී බවයි වාර්තාවන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top