හජ් වන්දනාකරුවන් තම ගමන් බලපත්‍රය උප ඒජන්තවරුන්ට දෙන්න එපා!

මෙවර හජ් වන්දනාව සඳහා තේරීපත්වූ හජ් වන්දනාකරුවන් තම ගමන් බලපත්‍රය තෝරාගත් බලයලත් හජ් ඒජන්සියට සෘජුවම පැමිණ ලබා දෙන ලෙසත්, උප ඒජන්තවරුන් හරහා ලබා නොදෙන ලෙස ද රාජ්‍ය හජ් කමිටුව ඉල්ලා තිබේ.

උප ඒජන්තවරුන් බොහෝ දෙනෙකු හජ් වන්දනාකරුවන්ගෙන් ගමන් බලපත්‍රය ලබාගෙන හජ් ඒජන්සිය සමඟ කොමිස් මුදල් ඉල්ලා කේවල් කිරීමේ කටයුතුවල නිරත වන බවට ලැබී ඇති පැමිණිළි හේතුවෙන් රාජ්‍ය හජ් කමිටුව මෙම ඉල්ලීම කර තිබේ.

හජ් වන්දනාකරුවන් තම ගමන් බලපත්‍රය හජ් ඒජන්සිය වෙත ලබාදිය යුතු අවසන් දිනය ලබන 5වනදා ලෙස සඳහන් කර ඇති නමුත් මෙතෙක් ඉදිරිපත් කර තිබෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක ගමන් බලපත්‍ර ප්‍රමාණයක් බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top