SRILANKAN NEWS

වසංගත තත්වයක් ඇති වීම ගැන ජාතික රොහලෙන් අනතුරු ඇගවීමක්

කොළඹ ජාතික රෝහල හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශ වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ගංවතුරෙන් පසු ඇති වියහැකි ජලයෙන් බෝවෙන පාචන රෝගීතත්වයක් හා වෙනත් බෝවන රෝග ඇතිවීමේ අවදානම සම්බන්දයෙනුයි.

ජාතික රෝහලේ අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා පවසන්නේ ගංවතුරෙන් විපතට පත් පිරිස මෙන්ම මුදා ගැනීමේ මෙහෙයුම් වල නිරත පිරිස්ද මීඋණ වැලදීමෙන් වැලකීම සදහා අවශය පියවර ගතයුතු බවයි. එලෙසම සමේ රෝග ,ස්වසන රොග හා උණ තත්වයන් ඇති විය හැකි  බැවින් තමන්ගේ පිරිසිදු කමගැන වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඒ මහතා ජනතාවට දැනුම් දෙනවා.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඉදිරි සති දෙකක කාලය තුල ඩෙංගු වසංගත තත්වයක් එම ප්‍රදේශවල ඇතිවීමේ අවධානමක් ඇති බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ උප ලේඛම් හරිත අලුත්ගේ මහතා පවසන්නේ මී උණ වැලදීමෙන් ආරක්ෂා වීමට Doxycycline නම් ප්‍රතිජීවක ඖෂධට සතියකට දෙවරක් ලබාගැනීම සුදුසු බවයි. එම ඖෂධය MOH කාර්‍යාල වලින් හා  PHI මහත්වරුන්ගෙන් ලබා ගතහැකි බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටිනවා.