උතුරේ ජනතාව දකුණට ආධාර ලබාදීමට සූදානම්

උතුරේ ජනතාව දකුණට ආධාර ලබාදීමට සූදානම් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. ආපදා වලින් විපතට පත් වූ දකුණේ ජනතාව සඳහා ආධාර ලබාදීමට උතුරේ දෙමළ ජනතාව සූදානමින් සිටින බව හෙතෙම පවසා තිබේ.

මේ සඳහා උතුරේ ජනතාව විසින් භාණ්ඩ රැස්කර ඇති බවත්, එම භාණ්ඩ කලුතර ප්‍රදේශයේ ජනතාව බෙදාදීමට කටයුතු සූදානම් කර ඇති බවද හෙතෙම පවසා තිබේ. යාපනයේදී පැවැති සහන භාණ්ඩ එක්රැස් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top