SRILANKAN NEWS

‘හොඳම හමුදාවකත් මීහරක් සිටිය හැකියි’ – ඇමැති මංගල

ලංකාවේ පමණක් නොව ලෝකයේ කොතරම් හොදම හමුදාවක වුවද මිහරකුන් සිටිය හැකි බවත් හමුදාව කීර්ති නාමය රැක ගත හැක්කේ එවැනි අය ඉවත් කිරීමෙන් පමණක් බව අප වටහා ගත යුතුව ඇතැයි මුදල් හ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් කතා කළ සමරවීර මහතා,

“බලයට පැමිණීමට නොහැකි බංකොලොත් දේශපාලකයන් දැන් ජාතිවාදය අවුස්සනවා. ඊයේත් ජාතිවාදී මූසලයන් මහරගම මුස්ලිම් කඩයකට ගහල තිබුණා. මහින්ද රාජපක්ෂ මහතාගෙ වාසනාවටයි ඒ ආණ්ඩුව වෙනස් වුණේ. ඔහු සිටියා නම් අපිට සම්බාධක එනවා. මම ජිනීවා ගියේ මේවා අයින් කරගන්නයි. මම රටට අහිතකර කිසිම ගිවිසුමකට අත්සන් කරලා නැහැ. හමුදාවෙ අය මේවට බිය විය යුතු නැහැ. හමුදාවට කීර්තිය ගෙන ආ හැක්කේ මේ වැඩපිළිවෙළින්ම පමණයි.”යැයි ද ඇමැතිවරයා පැවැසීය.

– thecolombopost.net –