මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්‍ධයෙන් හිටපු හමුදාපති දයා රත්නායක ජනාධිපති කොමිසමට

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අයත්ව තිබූ වටිනා යන්ත්‍ර සූත්‍ර යකඩවලට කපා විකිණීමෙන් සිදු වී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්. පරීක්‌ෂණ පවත්වන බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම හිටපු ආරක්‌ෂක ලේකම් ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට පියවරගෙන ඇත. ඒ අනුව හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ගෙන් මේ සම්බන්ධයෙන් අද (07) ප්‍රශ්න කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බැවින් අද දින පෙරවරු 10.00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු හමුදාපති දයා රත්නායක මහතාට දැනුම් දී තිබේ.

උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසු කන්කසන්තුරේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවට අයත් රුපියල් කෝටි ගණනක්‌ සමඟ යන්ත්‍ර සූත්‍ර සහ තවත් දේපළ පරණ යකඩවලට කපා විකුණා දමා තිබිණි.

මේ සම්බන්ධයෙන් එවකට රජයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top