උතුරු පළාත් සභා අමාත්‍යවරුන් පිළිබඳ පරීක්ෂණ වාර්තාව සභාවට ඉදිරිපත් කරයි..

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට එරෙහිව සිදුකළ දූෂණ හා අක්‍රමිකතා චෝදනා සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාව අද දින පැවැති උතුරු පළාත් සභාවේ 95වැනි සැසිවාරයේදී මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් සභාවට ඉදිරිපත් කළේය.

පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මහ ඇමැතිවරයා පවසා සිටියේ, අද දින පරීක්‍සණ වාර්තාව සභාවට ඉදිරිපත් කරනවා, අද දිනයේදීම මන්ත්‍රීවරුන්ට එය භාරදීමට නියමිත අතර, වෙනත් දිනක අමාත්‍යවරුන්ට තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු යැයි පවසා සිටියේය.

තවද උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කෙරෙහි ඇති විශ්වාසය මත එම වාර්තාවේ පිටපත් සභාවට ඉදිරිපත් කරනවා. මෙම වාර්තාව රහසිගතයි.. මෙම වාර්තාවෙහි සඳහන් කරුණු ප්‍රසිද්ධ කිරීමෙන්, මාධ්‍යට ලබාදීමෙන් ඇති වන්නේ අපගේ පළාත් සභාවට අපකීර්තියක් පමණක් බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top