බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අදයි. වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 650 දෙනෙකු තෝරා පත්කර ගැනීම සදහා ඡන්ද දායකයන් මිලියන 46.9ක පිරිසක් ලියාපදිංචි වී සිටිනවා. අගමැති තෙරේසා මේ නියෝජනය කරන කොන්සවේටිව් පක්ෂය සහ ජෙරමි කෝබින් නායකත්වය ලබා දෙන කම්කරු පක්ෂමය අතරයි ඡන්ද සටන පැවැත්වෙන්නේ.
මහමැතිවරණ ජය ගැනීමටනම් බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ ආසන 326ක් දිනාගත යුතු වනවා. මෙවර මැතිවරණයේ දී කොන්සවේටිව් පක්ෂය ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් කම්කරු පක්ෂය ද කරටකර තරගයක් සදහා සූදානම්ව සිටින බව වාර්තා වනවා.
Add Comment