SRILANKAN NEWS

සියයට 70%ක් මිය යන්නේ බෝ නොවන රෝගවලින්- රාජිත සේනාරත්න

අපේ රටේ රෝහල්වලට ප්‍රතිකාර ලබාගැනීම සදහා ඇතුළත්වන රෝගීන්ගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝගවලින් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අලුත්ගම නගර මධ්‍යයේ දී වියළි ආහාර පාර්සල් 2000 ක් ජනතාවට බෙදා දීමේ අවස්ථාවකට  සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සීනි සදහා අය කරන බද්ද රුපියල් 10 කින් ඉහළ නංවා තිබෙනවා. සීනි සදහා බදු ඉහළ නැංවිය යුතු බව 2015 වර්ෂයේ දී මම ප්‍රකාශ කළා. ඊට විවේචන රැසක් එල්ල වුනා. බෝනොවන රෝග පාලනය කිරීමේ අරමුණින් තමයි මම එම ප්‍රකාශය සිදු කළේ. සීනි, මේදය හා ලුණු අඩංගු ආහාර වල බදු ප්‍රතිශතය ඉහළ නැංවිය යුතුයි.  එම නිසයි මම බදු වැඩි කළ යුතු බවට ඉල්ලා සිටියේ. සීනි සදහා අය කරන බද්ද ඉහළ නැංවීමෙන් හෝ සීනි පරිභෝජනය අවම වෙනවා නම් හොදයි. එය දියවැඩියා රෝගය පාලනය කිරීමට රුකුලක් වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.