SRILANKAN NEWS

ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති වේගවත් සංවර්ධනය පිළිබඳව යුරෝපා රටවල් පුදුමයට පත්වී ඇත – යුරෝපා සංගමයේ තානාපති

unione-europea - යුරෝපාඉතාම කෙටි කාලයක් තුළ නව රජය යටතේ ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති වේගවත් සංවර්ධනය පිළිබඳව යුරෝපා රටවල් පුදුමයට පත්වී ඇති බව යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකාව සඳහා වූ නව තානාපති Tung-Lai margue මහතා පැවසීය.

රට තුළ ආර්ථික, සමාජ ප්‍රවර්ධන හා සංහිඳියාව ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන ඇති උත්සාහයන්ට යුරෝපා සංගමයේ පූර්ණ සහය පිරිනමන බව ද නව තානාපතිවරයා ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කර තිබේ.

යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකාව සඳහා වූ නව තානාපති ලෙස Tung-Lai margue මහතා ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහා වෙත සිය අක්තපත‍්‍ර භාරදෙමින් මේ බව සඳහන් කර තිබේ.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමග ශ‍්‍රී ලංකාවේ ඇති සමීප සබඳතා සිහිපත් කළ ජනාධිපතිවරයා, යුරෝපා සංගමය සමග වෙළෙඳ සහ ආයෝජන ඇතුළු සියලු අංශයන්හි පවතින සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට නව තානාපතිවරයා කටයුතු කරනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

– Global Tamil News – Sinhala