විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල අමත්‍යාංශය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා තිබේ. පසුගිය සතියේ තද වැසි ලැබුණද විදුලි බලය නිෂ්පාදනය කරන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැතිවීම එයට හේතුව බව පැවැසේ.
ජල ධාරිතාව ප්‍රමාණවත් නොමැති බැවින් විකල්ප බලශක්ති උපයෝගි කර ගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇතයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබේ. ඔහු මෙම අදහස් පළ කළේ ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයට සූර්යබල සංග්‍රාමය යටතේ සූර්යබල පද්ධතියක් පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
Add Comment