යුද්දයෙන් මියගිය අයව සිහිපත් කිරීම අනුමත කරන්න! – ජනාධිපතිගෙන් ඉල්ලීමක්!

යුද්දය හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ව සිහිපත් කිරීමට හා අනුස්මරණ කටයුතු සිඳුකිරීමට අවසර ලබාදිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ. යුද්දය හේතුවෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කර අනුස්මරණ කටයුතු සිඳුකිරීමට උතුරේ ජනතාවට අවසර ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

යුද්දයෙන් මියගිය අය සිහිපත් කිරීමට සඳහා අනුස්මරණ කටයුතු සිඳුකළ එළිල් රාජනේද්‍රන් පියතුමන්ව අවස්ථා රැසකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කර ඇති බවත්, මෙවැනි ක්‍රියාවන් යුද්දය පසුවූ සංහිඳියා කටයුතුවලට බාධාවක් වනු ඇතැයි පෙන්වාදී තිබේ. අනුස්මරණ කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිඳු කිරීමට පහසුකම් සපයා දෙන ලෙසද මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top