මුස්ලිම් මැති ඇමැතිවරුන් අගමැතිව හමුවීමට තීරණය කරයි..

මුස්ලිම් මැති ඇමැතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ. රටතුළ උස්සන්නවී ඇති මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

පසුගිය දා පාර්ලිමෙන්තුවේදී පැවැති මුස්ලිම් මැති ඇමැතිවරුන් අතර වූ සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමුවීට තීරණය කර තිබේ. එහිදී මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටළු ගැන පුළුල් ලෙස සාකච්ඡා කළ අතර එය මැඩපැවැත්වීමට කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ගයන් ගැන සාකච්ඡා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top