විපතට පත්වූවන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ. ඩොලර් මිලියන 2ක්

පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB)ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක ප්‍රදානයක් හිමි ව තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකාවේ නේවාසික කාර්යාල ප්‍රධානී ටාඩාටේරෝ හයාෂි මහතා අත්සන් තැබූහ.
මෙම ප්‍රදානය ආසියානු සංවර්ධන බැංකුවේ ආසියා පැසිෆික් ආපදා ප්‍රතිචාර අරමුදල යටතේ හදිසි සහන ද්‍රව්‍ය මිලදී ගැනීම හා ප්‍රජා සේවා නැවත උපකාර කිරීමට ආධාර ලෙස ශ්‍රී ලංකා රජය වෙත ලබා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top