වව්නියාවේ නිවසක් ගින්නෙන් විනාශයට

වව්නියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් ගින්නකින් විනාශ වුණා.ඊයේ රාත්‍රියේයි ගින්න ඇති වී තිබෙන්නේ. නිවසේ ඇති වූ විදුලි කාණ්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක කෙරෙනවා. ගින්න පැතිරයාමෙන් නිවසේ තිබූ උපකරණ වලට ද හානි සිදුවුණා.

යතුරුපැදියක් සහ පාපැදියක් ද ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා. සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටකුලම් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top