හිටපු ආරක්‍ෂක ලේකම්ව ජනාධිපති කොමිසමට කැඳවයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 15 වනදා බරපතළ වංචා හා දූෂණ පිළිබද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇති බව වාර්තා වේ.ඒ යාපනයේ , කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ පරණ යකඩ යුද හමුදාව විසින් භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යි.

මේ පිළිබදව විමසු අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එම සිමෙන්ති කර්මාන්ත ශාලාව ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමෙන් අනතුරුව එහි පැරණි යකඩ තොග යුධ හමුදාවේ අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරන ලෙස තමා උපදෙස් දුන් බවය.

කෙසේ වෙතත් මීට පෙර හිටපු යුධ හමුදාපති දයා රත්නායක මහතා ද ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට වෙත කැඳවා තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top