ICC චැම්පියන්ස් කුසලාන – බංග්ලාදේශය අවසන් පූර්ව වටයට..

ICC චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව බංග්ලාදේශයට හිමිවිය. ඊයේ (10) පැවති එංගලන්ත – ඔස්ට්‍රේලියා තරගයෙන් එංගලන්තයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 40ක ජයක් හිමි වීමත් සමගිනි.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවූ අතර, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමක් අයි.සී.සී. තරගාවලියක අවසන් පූර්ව තරගයකට පිවිසි පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top