සාධාරණ මිලකට වැලි ඉල්ලා කිලිනොච්චියේ උද්ඝෝෂණයක්

නිවාස ව්‍යාපෘතිය ඇතුළු ජනතාවගේ අවශ්‍යතා සඳහා සාධාරණ මිලකට වැලි ලබාදිය යුතු බව අවධාරණය කර සමානතාව සහ සමාජ සාධාරණත්වය සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් අද සඳුදා දින කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

සාධාරණ මිලකට වැලි ලබා දෙනු! වැලිවලට මිලක්ද? කන්දකට මිලක්ද?, අපේ වැලි අපට නැද්ද?, ලබා දෙන්නේ ලක්‍ෂ පහයි එයින් වැලිවලටම ලක්‍ෂ දෙකයි, නීති විරෝධි වැලි ජාවාරම නවත්වනු!, අපට ප්‍රමුඛත්වය දි අපගේ සම්පත් ලබා දෙනු! වැනි සටන් පාඨ ඉදිරිපත් කරමින් ඔවුන් උද්ඝෝෂණයෙහි නිරතවූහ.

උද්ඝෝෂණයෙන් අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රික්ක දිසාපතිවරයා වෙත පෙත්සමක්ද භාරදුන්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top