INDIAN NEWS

කූර්කාලන්තය තනි ප්‍රාන්තයක් ලෙස නම් කළ යුතුයැයි ඉල්ලා අරගලයක්..

ඉන්දිය, බටහිර බෙංගාලයෙන් වෙන්වී කූර්කාලන්තය නමින් තනි ප්‍රාන්තයක් පිහිටුවිය යුතු යැයි කූර්කා ජනමුක්ති මෝර්සා පක්‍ෂය අද දින සිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල වෙළඳසැල්, රාජ්‍ය ආයතනද වසා දමා ඇති බවට ඉන්දිය පුවත් වාර්තා කරයි.

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙහි උතුරු නගරය වන ඩාර්ජිලිං කඳුකර ප්‍රදේශයේ ජනතාව, තම ප්‍රදේශය බටහිර බෙංගාලයෙන් වෙන්කර කූර්කාලන්තය නමින් වෙනම ප්‍රාන්තයක් ලෙස ප්‍රකාශ කළ යුතු යැයි වසර ගණනාවක් තිසසේ ඉල්ලා සිටිති.

අද දිට පටන් කූර්කාලන්තු පළාතයෙහි පූර්ණ හර්තාලයකට එම පක්‍ෂය ඇරයුම් කර තිබේ. මේ හේතුවෙන එම පළාත්වල ආරක්‍ෂාව තරකර තිබේ.

මීට පෙර කොල්කතා මහධිකරණයේදී මෙම කූර්කලන්ත අරගලය ඉන්දිය ව්‍යවස්ථාවට පටහැනි බවත්, නීතිවිරෝධි ක්‍රියාවක් බවත් ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි