SRILANKAN NEWS

වතුකම්කරුවන්ට සහාය පළ කර යාපනය සරවි ප්‍රජාව උද්ඝෝෂණයක

14643175_1108151052600355_1593547076_n01වතු කම්කරුවන්ට ගෙවන දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්නැයි අවධාරණය කර ඊයේ (14) දින යාපනය විශ්වවිද්‍යාලයේදී උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණි. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැති එම උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගිවූහ.

වතුකම්කරුවන් සම්බන්‍ධයෙන් රජය වහාම අවධානය යොමු කළ යුතු බවත්, ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර සතියේ දින හයක් වැඩ කිරීමේ අවස්ථාවද රජය සහතික කළ යුතු යැයි උද්ඝෝෂණයේ නිරතවූවන් ඉල්ලා සිටියෝය.

14699713_1108150592600401_1680615086_n

14699843_1108151522600308_1277974784_n

14699982_1108152219266905_670342163_n
– Global Tamil News : Sinhala