ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්ෂක ප්‍ර‍ධානී අතර හමුවක්

පාකිස්තානයේ නාවික හමුදා ප්‍රධානී  අද්මිරාල් මොහොමඩ් ශකඋල්ලා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක්  අද (12) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදි සිදුවිය.

මෙහිදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන ආරක්ෂක කරුණු  සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් අතර පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳවද සිහිපත් කෙරිණී.

මෙම හමුව අවසානයේ දෙරට අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

news.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top