SRILANKAN NEWS

තැපැල් සේවකයන් වැඩ වර්ජනයක

තැපැල් සේවක වැඩවර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාලවල සේවා කටයුතු අඩපණ වී තිබේ.තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ, ලිපි තේරීම් කටයුතු ඇතුළු සේවා ද මේ වනවිට අඩාලවී ඇති බවයි.

ඉල්ලීම් 03ක් මුල් කර ගනිමින් තැපැල් සේවකයෝ ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක වැඩවර්ජනයක ආරම්භ කළහ. ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙර්මුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, වර්ජනය හේතුවෙන් උප තැපැල් කාර්යාල 3410 ක්, තැපැල් කාර්යාල 640 ක සේවා ක්‍රියාත්මක නොවනු ඇති බවයි.

වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තැපැල් කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පැවසුවේ මෙම වර්ජනය අසාධාරණ බවයි.