මීළඟ නඩු වාරයටත් උසාවි නාවොත් ඥානසාර හිමි අත්අඩංගුවට

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය ලබන මස18, 19, 20 තෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (12දා) නියම කළේය.

ඥානසාර හිමියන් තෙවැනි වරටත් ඊයේ අභියාචනාධිකරණය හමුවේ පෙනී නොසිටි අතර මීළග නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි විත්තිකාර ඥානසාර හිමියන්ට දැනුම් දෙන ලෙස එම හිමියන්ගේ නීතීඥවරයාට අභියාචනාධිකරණය නියෝග කළේය. ඥානසාර හිමියන් එදිනද අධිකරණයේ පෙනී නොසිටිය හොත් වරෙන්තු නිකුත් කළ හැකි බවද අධිකරණය ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයාට දන්වා සිටියේය.

මෙම නඩුව එල්.ටී.බී දෙහිදෙණිය සහ දේවිකා ලිවේරා ද තෙන්නකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top