ජාතිවාදී සංවිධාන තහනම් කළ යුතුයි – හිස්බුල්ලාහ්

රටේ ජාතීන් අතර විරසක් ඇති කිරීමට තැත් කරන සංවිධාන සියල්ල තහනම් කළ යුතු යැයි පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් රාජ්‍ය ඇමති ඒ.එල්.එම්.හිස්බුල්ලා මහතා පවසයි. නීතිය සැමට සමානව ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම පුවත් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

දක්‍ෂ බුද්ධි අංශ ජාලයක් ඇති ශ්‍රී ලංකා පොලීසිය විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම ගැන සැක සහිත තත්වයක් ඇතිව තිබෙන බවද හෙතෙම පවසා තිබේ.

ජාතිවාදය වපුරා ජාතීන් අතර ගැටුම්කාරී තත්වයක් ඇති කරන සියළු දෙනාට එරෙහිව නිතිමය වශයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. රට තුළ ජාතිවාදය වපුරන පුද්ගලයන් කව්රුන්ද? කුමන සංවිධානවලින් එය ක්‍රියාත්මක කරන්නේ දැයි පොලීසිය හා ඉහළ නිළධාරින් හොඳින් දැන සිටියි. එමෙන් එවැනි සංවිධාන හා එයට සම්බන්‍ධ පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට හෝ මැඩපැවැත්වීමට රජය නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි හිස්බුල්ලාහ් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top