අත්අඩංගුවට ගන්න එපා – ඥානසාර හිමිගෙන් පෙත්සමක්

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

තම නීතීඥයෙකු මාර්ගයෙන් ගොනු කර ඇති ඉකුත් පෙත්සම මඟින් තමන් ගැන වූ පරීක්‍ෂණ අවසන් වනතුරු හෝ නීතිපත් උපදෙස් ලැබෙන තුරු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොඨාශය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබේ.

ඥානසාර හිමියන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකු නම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top