SRILANKAN NEWS

ඥානසාර හිමිට වරෙන්තු

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ   විභාග වන නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොටුව ප්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න  මෙනවිය අද (15) වරෙන්තු නිතුත් කර තිබේ.

2014 අප්‍රේල් 12 වනදා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී මාධ්‍යයට කළ ප්‍රකාශකයක් සම්බන්ධයෙන් සහ එම වසරේම අප්‍රේල් 9 වනදා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට බලෙන් කඩා වැදී බාධා කිරීමේ සිද්ධියකට අදාළව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරා තිබේ.

උන් වහන්සේට ඇති තර්ජන හේතුවෙන් අධිකරණයට නොපැමිණෙන බව ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයෙකු අධිකරණය හමුවේ පවසා තිබුණි. කෙසේ නමුත් පොලීසිය හෝ අධිකරණය මගහරිමින් සිටීම අනුමත කළ නොහැකි බැවින් සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. මෙම නඩුව අගෝස්තු 10වනදා යළි කැදවීමට නියමිතයි.