දුමරිය මාර්ග අසල සෙල්ෆි ගැනීම තහනම්

දුමරිය මාර්ග අසල සෙල්ෆි ගසන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බව දුම්රිය මෙහෙයුම් සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පවසයි. පසුගිය දා සෙල්ෆි ගැනීමට ගොස් තරුණයන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබද ප්‍රංශ පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

ධාවනය වන දුම්රියන් අසල සිට සෙල්ෆි ගැනීමට ඇතැම් පුද්ගලයන් උත්සහ කරන බවත් එම නිසා බොහෝ දෙනෙකු අනතුරට පත් වන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

පසුගිය වසර දෙක තුලදී පමණක් ලෝකයේ 127 දෙනෙකු පමණ සෙල්ෆි ගැනීමට උත්සහ කිරීමේදී අනතුරට පත්ව මියගොස් තිබෙන අතර එයින් 76 දෙනෙකුම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top