ICC චැම්පියන්ස් කුසලාන – පාකිස්තානය අවසන් තරඟයට

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් තරගය සදහා පාකිස්තාන කණ්ඩායම ඊයේ (14) සුදුසුකම් ලබා ගත්හ. ඒ පළමු අවසන් පූර්ව තරගය ජය ගැනීමත් සමඟයි.

කාසියේ වාසිය හිමිකරගත් පකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 5ක දී සියලු දෙනා දැවී ලකුණු 211 ක් ලබා ගත්තා. ලකුණු 211ක ඉලක්කයක් හඹා ගිය පකිස්තාන කණ්ඩායම පන්දුවාර 37යි එක් පන්දුවක් තුළ කඩුලු 2ක් දැවී තරගයේ ජය වාර්තා කළා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top