විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් උතුරු පළාත් සභා සභාපති සී.වි.කේ. සිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පළාත් සභා මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සන සහිත විශ්වාසභංග යෝජනාව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට භාරදී තිබේ.

මේ අතර, මහ ඇමැතිවරයාට විරුද්ධව ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ මන්ත්‍රීවරුන් 22 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට සහාය පළ කර ඇති බවද වාර්තාවේ.

උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සෙවීම සදහා පත්කළ විමර්ශන කමිටුව විසින් සත්‍යට පටහැනි කරුණු සහ චෝදනා ඇතුළත් කරමින් වාර්තාව සකසා තිබීම, එම වාර්තාවේ නිර්දේශවලට අනුව අමාත්‍යවරුන් දෙදෙනෙකුට ඉවත් වන්නැයි නියෝග කිරීම සහ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේද අමාත්‍යධූර මසකට අහෝසි කිරීම යන හේතුන් සදහන් කරමින් විශ්වාසභංගය බාර දී ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top