උතුරු පළාත් අමාත්‍යවරුන් ගැන කළ විමර්ශනයට වියදම ලක්‍ෂ 23ක්

උතුරු පළාත් අමාත්‍යවරුන්ට එරෙහිව පැවති දූෂණ හා වංචා විමර්ශනය සඳහා උතුරු පළාත් සභාව විසින් රුපියල් ලක්‍ෂ 23ක පමණ මුදලක් වියදම් කර තිබේ. ඊයේ (14) දින පැවැති උතුරු පළාත් සභා සැසිවාරයේදී සභාපති සී.වි.කේ. සිවඥානම් මහතා මේ බව පවසා තිබේ.

මේ සම්බන්‍ධයෙන් පැවැති සභා රැස්වීම් සඳහා ලක්‍ෂ 20ක මුදලක්ද, දූෂණ හා වංචා විමර්ශනය කළ කමිටුවට ලක්‍ෂ තුනක මුදලක් ද වියදම් කර ඇති බව වාර්තාවේ. පළාත් සභාවට අයත් ලක්‍ෂ 23ක මුදලක් මෙලෙස වියදම් කර තිබීම ගැන උතුරු පළාත් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් ද සිය අප්‍රසාදය පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top