විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව දෙමළ මහජන සභාව හෙලාදකියි.

උතුරු පළාත් මහ ඇමැතිවරයාට එරෙහිව පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දෙමළ මහජන සභාව හෙලා දැක තිබේ.

මහ ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්‍ධයෙන් දෙමළ ජනතාව වෙනුවෙන් සිය අප්‍රසාදය පළ කරන බව දෙමළ මහජන සභාව පවසා තිබේ.

උතුරු පළාත් සභාවේ වංචා දූෂණ සිඳු කළ ඇමැතිවරුන්ව ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් මහ ඇමැතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා රජයේ පාක‍්ෂිකයන් සමඟ එක්වී දෙමළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බවත්, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින මහ ඇමැතිවරයාගේ ක්‍රියා කටයුතු අඩාල කිරීමට මෙලෙස ඔවුන් කටයුතු කරන බවද දෙමළ මහජන සභාව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top