යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදා මුස්ලිම් සාමාජිකයින් සමඟ එක්ව ‘ඉෆ්තාර්’ සමරයි

යුද්ධ හමුදා මුස්ලිම් සාමාජිකයින්ගේ රාමදාන් මාසයේ උපවාසයෙන් මිදීමේ ඉෆ්තාර් සැමරුම් උත්සවය පසුගිය (13) දින සන්ධ්‍යාවේ වාද්දුව නිවාඩු නිකේතනයේ දී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහභාගි විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් එම්.එච්.එෆ් යූසුෆ් මහතාගේ මුලිකත්වයෙන් එම සංගමයේ සාමාජිකයන් විසින් මෙම උත්සවය සංවිධානය කළ අතර, මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සමඟින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණක උඩවත්ත මහතා සහ එම මැතිණිය, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහාත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදාවේ මුස්ලිම් ජාතික නිලධාරින් එක්ව සිටියහ.

යුද්ධ හමුදාව තුල රාජකාරියේ නියුතු සියලුම සාමාජිකයන්ගේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කිරිමේ යුද්ධ හමුදාධිපතිතුමාගේ අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම ඉෆ්තාර් සැමරුම් උත්සවය පවත්වනු ලැබිය.

By – army.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top