උතුරු පළාතේ දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට

උතුරු පළාතේ දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තාවේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ට සහය පළ කරමින් සහ ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ  දිනයේ උතුර පළාතේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය .

විග්නේෂ්වරන් නායකත්වය දරණ දෙමළ මහජන සභාව නම්  සංවිධානය විසින් උතුරු පළාත තුළ මෙම හර්තාල් ව්‍යාපාරය පැවැත්විමට පියවර ගෙන තිබුණ ද, වව්නියාව, කිලිනොච්චිය සහ මන්නාරම යන දිස්ත්‍රීක්කවල එය සාර්ථකව ක්‍රියාත්මක වූයේ නැත.

කෙසේ වෙතත් අද දිනයේ උතුරු ප්‍රදේශයේ දෛනික කටයුතු සහ ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙයි. ව්‍යාපාරික ස්ථාන සියල්ල විවෘත කර ඇති අතර අනෙකුත් කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top