SRILANKAN NEWS

ඥානසාර හිමිට රැකවරණය දෙන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

කුමන් පුද්ගලයෙකු විසින් හෝ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් හට අාරක්සාව ලබාදෙමින් උන්වහන්සේ සඟවාගෙන සිටින්නේනම් අදාළ පුද්ගලයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා අවධාරණය කර සිටියි.

ගලගොඩඅත්තේ ඥනසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යොදවා ඇති බවත් ඉතා ඉක්මනින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද හෙතෙම පවසා තිබේ. ඥානාසරි හිමි පිළිබඳ යම්කිසි තොරතුරක් දන්නේ නම් අසල පිහිටි පොලිස් ස්ථානයට දැනුම් දෙන්නැයි ප්‍රියන්තර ජයකෝඩි මහතා ඉල්ලා තිබේ.