කැනඩාවේ වෙසන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් විසින් එරට අගමැතිට ලිපියක්..

කැනඩාවේ වෙසන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් විසින් එරට අගමැතිට ලිපියක් යවා තිබේ. ශ්‍රි ලංකාව තුළ මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාර හා ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුකරන බවට එම ලිපිය මඟින් චෝදනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජීවත් වන සුළු ජාතිකයන් දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් මේ සම්බන්‍ධයෙන් මැදිහත් වන ලෙස ද ඉල්ලා තිබේ. මෙවැනි ප්‍රහාරයන් හා ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුකරන අයට එරෙහිව නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ශ්‍රි ලංකා රජයට බලපෑම් කරන ලෙස කැනඩානු අගමැති ජස්ටින් ට්‍රඩියා මහතාගෙන් ඉල්ලා තිබේ.

අන්තවාදී බෞද්ධ භික්‍ෂුන් හා ඇතම් කණ්ඩායම් විසින් මෙලෙස පහරදීම් සිදුකරන බවට චෝදනා කර තිබේ. ක්‍රිස්තියානි හා මුස්ලිම් ජනතාවගේ ආගමික ස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top