ඉල්ලීම් 08ක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවා වාර්තා වේ.
මේ අතර වර්ජනය සමථයකට පත් කරගැනීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යංශයේ දී අද (20) පැවැත්වෙන බවත් වර්ජනය සම්බන්ධ තවත් සාකච්ඡාවක් රාජ්‍ය හා දුම්රිය රියදුරු නියාමක සංගම් නියෝජිතයන් අත අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.
අවස්ථා ගණනාවකදී සිය ගැටළුවලට විසඳුම් ලබාදෙන බවට බලධාරීන් පොරොන්දු ලබාදුන්නද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව රියදුරන්ගේ සහ නියාමකවරුන්ගේ සංගම් සඳහන් කරයි. ඒ අනුව සිය ගැටළුවලට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද් එම වෘත්තීයසමිති නායකයෝ පවසති.
Add Comment