හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ළග තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ පොලිස් වසමේ සිදුකළ මෙහෙයුම්වල දීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 340ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 25ක් පමණ වන මොහු මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර පෑලියගොඩ මෑවැල්ල ප්‍රදේශයේ දී ද හෙරොයින් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 580ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top