ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයන් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට පත් වුණා.ඒ ඩෙල්ෆ් දූපතිට නාවික සැපයුම් 10ක් පමණ වයඹ දෙසින් පිහිටි මුහුදු තීරයේදීයි. මේ අතර නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු ද නාවික හමුදා අත්අඩංගුවට පත්වුණා.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ත්‍රිකුණාමලය එළිසබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.එහිදී, ඩිංගි යාත්‍රාවක්, මීටර් 225 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 80 ක් ද අත්අඩංගුවට පත් වුණා. එම පුද්ගලයන්, යාත්‍රාව, මසුන් තොගය සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණා.
Add Comment