අතුරුදහන්වූවන්ගේ ජාතිය, ජන්මෙ හොයන්න එපා!

“උතුරේ අම්මලා පින්තුර අරන් යනකොට මට හිතුණේ, දකුණේ අපි පින්තූර අරන් ගිය විදිහයි. අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය දෙස ජාතිවාදී කෝණයෙන් බලන්න එපා” යැයි මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

“තමන්ගේ දරුවාට කුමක්ද වුණේ කියලා දැනගන්න අයිතියක් තිබෙනවා. මේ ප්‍රශ්නය දෙස දේශපාලන කෝණයෙන් බලන්න එපා. අනාගතයේ අතුරුදහන්කිරීම් ගැන බය වෙයි. මේ කොමිෂමට විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ මව් කෙනෙකුගෙන් කිරි නොබීපු කෙනෙකුට විතරයි. මේ සම්මත කරන පනත හරහා ලෝකයට පණිවුඩයක් දෙනවා අපි මනුෂ්‍යකමට සලකන ජාතියක් කියලා. දරුවා ඉන්නවද? නැද්ද? කියලා දැනගැනීමට තියෙන අයිතියට සභාවේ සැවොම අත් දෙක එසවිය යුතුයි.” යැයි ඇමතිවරයා පැවසීය.

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, පරිපාලනය කිරීම සහ එම කර්තව්‍ය ඉටු කිරීම පිළිබඳව විවාදයේදී සාකච්ඡා කෙරිණි.

.thecolombopost.net

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top