මෙරට මුහුදුසීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 08දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පේදුරුතුඩුවට ගිනිකොන දෙසින් නාවික සැතපුම් 17ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඔවුන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවී තහනම් පන්නක්‍රම යොදාගෙන මසුන් ඇල්ලීමේ නිරතව සිටි බව පැවැසේ. අත්අඩංගුවට පත්වූ ඉන්දිය ධීවරයන්ව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදීමට නියමිතය.