අනුර දිසානායක ජර්මනියට

එතෙර අපි සංවිධානයේ ආරාධනයක් මත ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ඊයේ (23) ජර්මනිය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පිහිටුවා ඇති එතෙර අපි සංවිධානය විසින් ජර්මනියේ බර්ලින්, මියුනිචි, ඩ්‍රසඩොර්ෆහිදී සංවිධානය කර ඇති සාකච්ඡා සභා ඇමතීම සඳහා ය.

ජුනි 24 සවස 4.00ට බර්ලින් හිදීත්, ජුනි 25 සවස 3.00ට මියුනිචි හිදීත් ජූලි 02 පස්වරු 1.00ට ඩ්‍රසඩොර්ෆහිදී මෙම සාකච්ඡා සභා පැවැත්වීමට නියමිත බව එතෙර අපි සංවිධානය සඳහන් කරයි.

මීට අමතරව ජර්මනියේ ජීවත්වන සහ රැකියාවල නිරතව සිටින ජවිපෙ සාමාජිකයන් හමුවීමටද නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top