පළාත් පාලන මැතිවරණය කල් දැමීමකින් තොරව නිවැරැදි පිළිවෙතට අනුව හැකි ඉක්මණින් පැවැත්වීමට රජය. කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
යහපාලන රජය කිසිසේත්ම ඕනෑකමින් ඡන්දය පැවැත්වීම කල් දැමීම සිදු නොකරන බවත් නිවැරැදි පිළිවෙතකට අනුව ඡන්දය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.
මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් සිදු විය යුතු සියලුම කාර්යන් මේ වන විට සිදු කර අවසන් යැයි ද ඇමැතිවරයා කීය. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (23) පැවති සුහද සාකච්ඡාවේ දී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
පළාත් පාලන ඡන්දය කල් දැමීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් සිදු විය යුතු කාර්යභාරය දැන් ඉතිරිව ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.
මෙම සාකච්ඡාවට පෙර අමාත්‍යාංශය ඉදිරිපිට දී පළාත් පාලන මන්ත්‍රී සංසදය සංවිධාන කළ උද්ඝෝෂණයක් ද පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, රන්ජිත් ද සොයිසා, ඉන්දික අනුරාධ, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර මහත්වරු සමඟ පළාත් පාලන මන්ත්‍රී සංසදයේ නියෝජිත පිරිසක් ද මේ උද්ඝෝෂණයට සහභාගී වූහ.
Add Comment