අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය වහාම පිහිටුවන්න! – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය වහාම පිහිටුවන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයනතය නොහොත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඉල්ලා තිබේ. දිගු කලක් තිස්සේ ඉකුත් කාර්‍යාලය පිහිටුවීමේ කටයුතු ප්‍රමාද කරමින් සිටින බව චෝදනා කර තිබේ.

සියළු සමාජවලට අයත් දහස් ගණනක ජනතාව මෙම කාර්‍යාලය පිහිටුවන තෙක් බලා සිටින බවත් ඉතා කඩිනමින් එම කාර්‍යාලය පිහිටුවිය යුතු යැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ දකුණු ආසියානු කලාප භාර අධ්‍යක්‍ෂක Biraj Patnaik පවසයි.

අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ව ජනාධිපති සහ අගමැතිවරයා හමුවී සාකච්ඡා කිරීම අගය කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top